මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමට තව වසර තුනක්

98


නීති අධ්‍යයන පීඨයේ අධ්‍යයන කටයුතු තම මව් භාෂාවෙන් සිදුකිරීමට තව වසර 03ක කාලයක් ලබාදෙන ලෙස තමා නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලා ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීති අධ්‍යයන කටයුතු සිදු කිරීමට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීතිය හැදෑරීම 2026 වසරේ සිට සිදුකරන බවත් දෙසැම්බර් මස 02 වැනිදා පැවැත්වෙන නීති අධ්‍යයන පීඨ විභාගය තම මව් භාෂාවෙන් සිදුකළ හැකි බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment