අයවැයක් නොවේ හිස් ලියැවිල්ලක්

71

රටේ ජනතාව අපේක්ෂා කළේ ප‍්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුණේ හිස් ප‍්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප‍්‍රතිගාමී පුස්සක්.

මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනඟන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නඟාසිටුවන ක‍්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක‍්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අයවැය, රට සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්. කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියැවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විඳින ජනතාවට අයවැයෙන් තවත් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශ සේවකයන්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්.

advertistmentadvertistment
advertistmentadvertistment