මම කම්පනයට පත් වුණා – ජීවන් තොණ්ඩමන්

239

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ හදිසි වියෝව තමන් දැඩි සේ කම්පනයට පත් කර ඇති බවත් කඩිසර, තරුණ දේශපාලනඥයකු ලෙස ජනතාවට සේවය කළ ඔහුගේ වියෝව ඛේදනීය බවත් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා නිවේදනය කරයි.

තොණ්ඩමන් මහතා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් නිකුත් කළ ශෝක පණිවිඩය මෙසේය.

අද අලුයම සිදුවූ රිය අනතුරින් ගරු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා සහ එතුමාගේ ආරක්ෂක නිලධාරියා මිය ගිය පුවත අසා මම බලවත් කම්පනයට පත් වූයෙමි. මගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස ඉතා අවබෝධයෙන් සහ මිත්‍රත්වයෙන් ජනතාවට යහපත් සේවයක් ලබාදීමේ අරමුණ ඇතිව ස්ථිර ප්‍රතිපත්තියකින් යුතුව සනත් නිශාන්ත මැතිතුමා කටයුතු කළේය. එතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව මුළු රටටම ඉමහත් සේවයක් කළ පුද්ගලයෙකි. එසේම කඳුකර ජනතාව පිළිබඳවත් නිවැරදි අවබෝධයකින් කටයුතු කළ ඔහු මට ඉතාමත් හිතැති මිතුරෙකි. එතුමාගේ වියෝවෙන් කම්පාවට පත් ඔහුගේ බිරිඳ, දරුවන් සහ පවුලේ අයට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට ද මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි.

advertistmentadvertistment
advertistmentadvertistment