කොලොම්බියාවේ ප‍්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට

509

කොලොම්බියාවේ සිටින විශාලතම අපරාධ කල්ලියේ නායකයා මෙන්ම එරට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යවම සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා හෙවත් ‘ඔටෝනියල්’ නමැත්තා පෙරේදා (23දා) සිදු කරන ලද ඒකාබද්ධ හමුදා මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. වයඹදිග කොලොම්බියාවේ ඇන්ටියෝක්වියා පළාතේ සැඟවී සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත.

කොලොම්බියානු රජය විසින් ‘ඔටෝනියල්’ සිටින ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු සපයනු ලබන අයෙකුට ඇමරිකානු ඩොලර් අට ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට නිවේදනය කර තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔහුගේ හිසට ඇමරිකානු ඩොලර් මිලියන 05ක ත්‍යාගයක් නියම කර තිබිණි. කොලොම්බියාවේ යුද හමුදාව, ගුවන් හමුදාව හා පොලිසිය එකාබද්ධව සිදු කරන ලද මෙහෙයුමකදී ‘ඔටෝනියල්’ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීම පිළිබඳව සුබ පතමින් පටිගත කරන ලද වීඩියෝ පටයක් හරහා රූපවාහිනියට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩුකිව් පවසා ඇත්තේ මෙම ශත වර්ෂයේදී කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එල්ල වූ දරුණුම ප‍්‍රහාරය ‘ඔටෝනියල්’ ගේ අත්අඩංගුවට ගැනීම බවයි. මෙම ප‍්‍රහාරය 1990 ගණන්වල සිදු වූ කොලොම්බියාවේ සිටි තවත් ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ පැබ්ලෝ එස්කෝබාර්ගේ බිඳ වැටීමට පමණක් සමාන වන බව ජනාධිපතිවරයා කියා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment