ඔස්‌ට්‍රේලියා ගිය 183 ක් මුහුද මැදදී හරවලා එවලා

282

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 183 දෙනකු මුහුද මැදදී ආපහු හරවා එවීමට ඔස්‌ට්‍රේලියානු දේශසීමා ආරක්‍ෂක ඒජන්සිය ක්‍රියාකර ඇත.

මෙම සිද්ධියත් සමගම ඔස්‌ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශයක් කරමින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට එරටට නීති විරෝධී ලෙස ඇතුල්වීමට ඉඩ නොදෙන බව පවසා තිබේ.

ධීවර බෝට්ටු 8 කින් මොවුන් ඔස්‌ට්‍රේලියාවට යන අතරේ අතරමගදී ඔස්‌ට්‍රේලියානු නාවික හමුදාවට අසුවී ඇත. මෙයට අමතරව ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 46 දෙනෙකු ප්‍රංශයේ රිනිපුන් දූපතට ගොඩබැස සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ආපහු
ශ්‍රී ලංකාවට එවන බව මෙරට ප්‍රංශ තානාපතිවරයා
ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment