මහජන බැංකුවේ People’s Pay Digital Wallet App සමඟින් ශ්‍රී ලංකාවේ ජංගම බැංකුකරණය සහ ඩිජිටල් ගෙවීම් විප්ලවීය වෙනසකට

397

මහජන බැංකුව, People’s Pay Digital Wallet App ඔස්සේ පසුගියදා හඳුන්වාදුන් E-Wallet සේවාව සම`ගින් සිය සම්මානනීය, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ඩිජිටල් මුදල් හුවමාරු සේවාව තවදුරටත් ඉදිරියට ගෙන ගොස් ඇත.

People’s Pay Digital Wallet App නිර්මාණය කරන ලද්දේ රට තුළ මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කිරීම ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව දරන වෑයමට සහයෝගය ලබාදීමට මෙන්ම විශේෂයෙන්ම තරුණ, වැඩිහිටි පරපුර ඇතුළුව දිනෙන් දින ඉහළ යන මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍යමය සේවාවන් ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකියාව ලබාදෙමින් ජාත්‍යන්තර තත්ත්වයේ ජංගම දුරකතන පහසුකමක් අත්විඳීමට අවස්ථාව ලබාදීමේ අරමුණිනි.

තරුණ පරපුර සිය එදිනෙදා ජීවිතයේ කටයුතු වඩා පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා ඉතා ඉක්මණින් නවීන තාක්ෂණය වැළඳ ගන්නා බැවින් වෙළඳපොළේ ඇති සෙසු ගෙවීම් මෘදුකාංග (payment apps) අතරින් වෙනස්වන පරිදි සුවිශේෂි ලෙස People’s Pay Digital Wallet App නිර්මාණයකර තිබේ. මෙම යෙදවුම (app) ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් භාවිත කළ හැකි බැවින් විශේෂයෙන්ම ඉංග‍්‍රීසි භාෂාවට වඩා සිංහල හෝ දෙමළවන සිය මවු භාෂාව භාවිත කිරීමට ප‍්‍රිය කරන ග‍්‍රාමීය ජනතාව වෙත ළඟා වීමට එය විශාල රුකුලක් වනු ඇත.

People’s Pay App පිළිබඳව සිය අදහස් පළ කරමින් මහජන බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු (ඩිජිටල්කරණ) මංගල කාරියවසම් මහතා මෙසේ පැවසීය.
“මෙම මෘදුකාංගයේ පරිශීලක අතුරු මුහුණත (user interface) සහ සමස්ත ක‍්‍රියාවලිය ඉතා සුපරික්ෂාකාරීව නිර්මාණයකර ඇත්තේ අපගේ තරුණ ගනුදෙනුකරුවන් එය භාවිත කිරීමේදී එය ඔවුන්ට අදාළවන ආකාරයේ පහසුව මූලිකකර ගනිමින්. අපහසුතාවයන් තොරව ඉතා පහසු වපසරියක් මෙම පරිශීලක අතුරු මුහුණත මගින් ලබාදෙන බැවින් පරිශීලකයින්ට එය ඉතා පහසුවෙන් භාවිත කළ හැකියි. මෙම යෙදවුම මහජන බැංකුවේ අභ්‍යන්තර බැංකු පද්ධතිය සම`ගින් කිසිදු බාධාවකින් තොරව සම්බන්ධවන නිසා අපගේ වර්තමාන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම්වලට අනුකූලව නිර්මාණයකර ඇති ඉතා පහසු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් නව ගනුදෙනුකරුවන්ට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

එක් වරක් ප‍්‍රවේශ වූ පසුව මෙම මෘදුකාංගය මගින් මහජන බැංකු ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද ඔවුන්ගේ සියලූ බැංකු ගිණුම් සම්පූර්ණයෙන්ම මෙහෙවිය හැකියි. මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිය බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් තොරතුරු එකම පිවිසුමකින් බලාගත හැක අතර, මේ ඔස්සේ ලංකාවේ ඕනෑම බැංකුවකට මුදල් හුවමාරු කිරීමට, ඕනෑම බැංකුවකට ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් කිරීමට සහ වෙනත් බැංකු ගිණුම් එක්කර ගැනීමටත් හැකියාව සලසා ඇත. ඒ අනුව මෙම මෘදුකාංගය භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ජංගම දුරකථනවලට රීලෝඞ් දැමීම, බිල්පත් ගෙවීම් සහ QR code ගෙවීම් ඇතුළු සේවාවන් රැසක් ලබාගත හැකියි.”

Face ID සහ Touch ID භාවිතය මගින් පහසුවෙන් මෘදුකාංගයට පිවිසීමට හැකියාව ලැබෙන අතර ඉන් ආරක්ෂාව තහවුරුකර තිබේ. බැංකුවේ සමස්ත තොරතුරු තාක්ෂණ පද්ධතිය වෙනුවෙන් ප‍්‍රමිතිකරණය සඳහා වන මහජන බැංකුව ලබාගෙන ඇති, ආරක්ෂාව සහ සුරක්ෂිතබව සම්බන්ධයෙන් ලොව ඉහළම පිළිගැනීමවන ISO/IEC‍ 27001:2013 ප‍්‍රමිතියට අනුව මෙම සේවාවේ ආරක්ෂාව තහවුරුකර ඇත.

People’s Pay Digital Wallet App ඔබේ ජංගම දුරකථනයේ Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් බාගත කළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.

ගනුදෙනුකරුවන් මිලියන 14කින් යුත් ශ‍්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව මහජන බැංකුව සතුවන අතර, දිවයින පුරා ශාඛා 741 ක් සමගින් දිවයිනේ පුළුල්තම ශාඛා ජාලයට ද මහජන බැංකුව හිමිකම් කියයි. එසේම බැංකුව දිවයින පුරා පිහිටි 250කට අධික සිය ස්වයං බැංකුකරණ ඒකක ඔස්සේ වසරේ දින 365ම පැය 24 පුරා සිය සේවා සපයනු ලබයි. ඩිජිටල් බැංකු ප‍්‍රතිලාභ ජනතාව වෙත ගෙන යෑමට ප‍්‍රමුඛතම සේවයක් පිරිනමමින් මහජන බැංකුව දිවයිනේ ප‍්‍රමුඛතම ඩිජිටල් බැංකු සේවා සැපයුම්කරු බවට ද පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment