දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත RDB VISA Debit Card හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය RDB බැංකුවේ සභාපති සිරිකුමාර ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.11.24 දින RDB ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

මෙහිදී බැංකුවේ ගනුදෙනුකාර මහත්ම මහත්මීන් කිහිපදෙනකු වෙත සංකේතාත්මකව RDB VISA DEBIT Card ප්‍රදානය කිරීමක් සිදුකරන ලදී.

Smart විදිහට ගනුදෙනු කරන්න RDB VISA Debit Card හඳුන්වා දෙයි

ඒ අනුව මින් ඉදිරියට RDB බැංකුවේ මිලියන 6 ක ගනුදෙනුකරුවන් වෙත RDB VISA Debit Card හරහා විශේෂ ප්‍රතිලාභ රැසක් සමඟින් VISA සන්නාමය සහිත ලක්ෂයකට අධික සේවා ස්ථාන හරහා දවසේ පැය 24 පුරාම විශ්වාසයෙන්, වේගවත් ගනුදෙනුවක්, ආරක්ෂාකාරීව සිදු කරන්න අවස්ථාව ලැබෙනු ඇත.

එබැවින් RDB ළඟම ශාඛාව වෙත ගොස් ,Smart විදිහට ගනුදෙනු කරන්න RDB VISA Debit Card එකට මාරු වන ලෙස” RDB බැංකුව ඔබ සැමට ආරාධනා කර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment