ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂි සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී.

කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් උසුලන ජාත්‍යන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් “Inspire Inclusion” යන තේමාව යටතේ සංවිධානය කරන ලද අතර සිය ව්‍යාපාරයේ සියලු‍ අංශයන්හි කාන්තාවන්ගේ අමිල මෙහෙවර හඳුනාගනිමින් එය ඇගැයීමට ලක්කිරීම අරමුණ විය.

එහිදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියුතු කාන්තා නිර්මාණ ශිල්පීන්, කළමනාකරුවන්, අධ්‍යක්ෂකවරුන්, අලෙවිකරුවන්ගේ විවිධ භූමිකාවන්හි සුවිශේෂි දායකත්වය ඉස්මතු කෙරිණි. ස්වර්ණාභරණ ක්ෂේත්‍රය යනු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පුද්ගල දක්ෂතා හා හැකියාවන්, කැපවීම තුළින් සාර්ථකත්වයට ළඟාවිය හැකි ක්ෂේත්‍රයක් බව මෙහිදි අවධාරණය කරන ලදී.

මාර්තු 08 වැනිදා යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලදී. ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගැයීමට ලක්කිරීම මෙහිදි අරමුණ විය. මාර්තු 09 වැනිදා සිය ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සුවිශේෂි සැමරුම් වැඩසටහන් රාජා ජුවලර්ස් ශාඛාවන් හි ක්‍රියාත්මක විය.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂි සැමරුම් අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. ”‍ රාජා ජුවලර්ස් නිරතුරුවම අප සමාජයේ කාන්තාවන්ගේ කැපවීම ඇගැයීමට කටයුතු කරනු ලබනවා. ඒ වෙනුවෙන් මෙවර කාන්තා දිනයට සමගාමීව විශේෂ සමරු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණයි.”‍

advertistmentadvertistment
advertistmentadvertistment