ඩයලොග් ආසිආටා සමාගම ‘ACCA Sustainability Reporting Awards 2022’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාහී සම්මානලාභියා බවට පත්වෙයි

43

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් අන්තර්ගතකරණ අංශයේ විශේෂඥ ඩිෂාර පෙරේරා මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අවදානම් සහ අනුකූලතා අංශයේ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ මූල්‍ය ප්‍රධානී හොං සූ වොං මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර කාර්ය ක්‍රියාත්මක කිරීම් සම්බන්ධ විශේෂඥ අශිනි පොතුපිටිය මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ආයතනික සැලසුම් හා උපායමාර්ග අංශයේ උප සභාපති මුනේශ් ඩේවිඩ් මහතා,ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර – සමාජ නවෝත්පාදන – අසිත් ද සිල්වා මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර කාර්ය ක්‍රියාත්මක කිරීම් සම්බන්ධ විශේෂඥ රක්ෂීකා නැදුමාරන් මහත්මිය.

පසුගියදා නිමාවට පත්වූ ‘ACCA Sustainability Reporting Awards 2022’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ඩයලොග් ආසිආආටා පීඑල්සී සමාගම සමස්ත ජයග්‍රාහකයා වශයෙන් සහ පොදු සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙසත් සම්මානයට පාත්‍ර විය. තිරසරබව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේදී තිරසාරභාවය සහ විනිවිදභාවය වෙනුවෙන් ප්‍රකට කළ අතිවිශිෂ්ට කැපවීම වෙනුවෙන් සමාගමට මෙම ඇගයීම් පිරිනැමිණ.

ඩයලොග් සමාගම අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කළ සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා,“තිරසාරභාවය වෙනුවෙන් වූ අපේ කැපවීම මැනවින් හඳුනාගනිමින් ACCA ආයතනයෙන් අපට ලැබුණු මෙම ඇගයීම අපිට විශාල ගෞරවයක්.තිරසාරභාවය අපේ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයයි.අපේ ව්‍යාපාර ක්‍රියාවලියේ සෑම අංශයක් සමඟම එය බද්ධ වී තිබෙනවා.හැමවිටම සමාජයට යහපත් බලපෑමක් ඇති කරමින් තිරසර තොරතුරු වාර්තාකරණයේ ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. අප සමඟ කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ට තිරසර අනාගතයක් උරුම කරදීම වෙනුවෙන් අපි ඉදිරියටත් කටයුතු කරනවා.”
ACCA Sustainability Awards සම්මාන ප්‍රදානෝත්සවය 2004 වසරේ සිට වාර්ෂිකව පිරිනමනු ලබන අතර, ව්‍යාපාර උපාය මාර්ග, ආයතනික පාලනය සහ තිරසාරභාවය අතර ශක්තිමත් සම්බන්ධය ඉස්මතු කරමින් තිරසාර වාර්තාකරණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කළ ආයතන හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කරයි. සිය ආයතනයන් හි තරසරභාවයට අදාළ තොරතුරු වාර්තාකරණයේ සහ භාවිතයන් සම්බන්ධයෙන් කැපවීමකින් කටයුතු කරන ආයතන දිරිගන්වමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment