දෙන්නම් කාසිවලට වී අරන් ලක්‍ෂ 85ක පොලු තියලා

37

මෝල් හිමියා හා සිවිල් ආරක්ෂකයා කූඩු

ලක්ෂ 85කට වැඩි ප්‍රමාණයක වී තොගයක් දෙන්නම් කාසිවලට ලබාගත් පුද්ගලයකු හා ආධාර අනුබල දුන් සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව ගොමරන්කඩවල පොලිසිය කියයි.

වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යංතංපලාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෝල් හිමියෙකු හා රංගිරිඋල්පත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.

ගෝමරන්කඩවල ඇතුලු තවත් තදාසන්න ප්‍රදේශ කිහිපයකම ගොවීන්ට මෙම වංචාව සිදුකර ඇති බවත් තම පොලිසියට පමණක් පැමිණිළි 27ක් ලැබී ඇති බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීහු ප්‍රකශ කළහ.

සැකකරු ඊයේ (30 දා) අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා තිබූ අතර ගොමරන්කඩවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්. ඊ. එස්. රූපසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබුණේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මතය.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග මහතාගේ නියෝග මත මොරවැව සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment