කොමිසම කිව්වාට ලයිට් බිල අඩු කරන්න බෑ – ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන්

218

මහජන උපයෝගිතා කොමිසම පවසන පරිදි විදුලි ගාස්තුව සියයට තිහකින් ක්‍ෂණිකව අඩු කළ නොහැකි බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත විදුලි බිල පහත හෙළීමට පුළුවන්කමක් තිබේදැයි සොයා බලා වාර්තාවක් සකසන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බව ද සභාපතිවරයා කියා සිටියේය.

රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණවලට අනුව විදුලි පාරිභෝගිකයන්ට යම්කිසි සහනයක් සැලසිය හැකි ඕනෑම මොහොතක, ඒ දේ කිරීමට ලංවිම සූදානම් බවත් ඉන්ධන මිලෙහි පහළ යෑම, ඉකුත් කාලයේදී විදුලිය නිපදවීමට ගිය පිරිවැය ආදිය සැලකිල්ලට ගෙන සකසන වාර්තාව මත මණ්ඩලයේ ස්ථාවරය රටට පවසන බව ද ලංවිම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment