කොමර්ෂල් බැංකුව ජාතික රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

51

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා විසින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කුමාර වික්‍රමසිංහ මහතා වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රය පිරිනැමීමේ අවස්ථාවට මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, සහ ජාතික රෝහලේ සහ කොමර්ෂල් බැංකුවේ අනෙකුත් නියෝජිතයින් සහභාගී වූහ.

කොමර්ෂල් බැංකුව විසින් කොළඹ ජාතික රෝහලේ කාර්යබහුලම වෛද්‍ය ඒකකයක් වන විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ඒකකය වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

විශාල රෝගීන් සංඛ්‍යාවක් දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා බැවින් මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් ඒකකයේ අතිධ්වනිරේඛණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කරනු ඇත.

ජාතික රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද පවසන ආකාරයට ප්‍රධාන වශයෙන් ඩෙංගු උණ, ලේ විශ වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, කම්පනය වැනි බරපතල රෝගී තත්ත්වයන් කළමණාකරණය කිරීමේදී අතිධ්වනිරේඛණ පරීක්ෂණ මූලික අවශ්‍යතාවයකි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය “අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම මඟින් රාජ්‍ය සෞඛ්‍ය සේවය සඳහා සහය වීම කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීම් ක්‍රියාකාරකම්වල එකකි. වසර ගණනාවක් පුරා රාජ්‍ය රෝහල් රැසකට බැංකුව විසින් ලබාදුන් පරිත්‍යාග මඟින් එම ආයතන වල විවිධ හදිසි අවශ්‍යතා ඉටුකළ අතර රෝගීන් සඳහා ලබා දෙන පහසුකම් වැඩිදියුණු කිරීමට ද දායක වී ඇත. ජාතික රෝහලට නවීනතම උපකරණ පරිත්‍යාග කර සංකූලතා කල්තියා හඳුනාගැනීම සඳහා පහසුකම් සැළසීම, ජීවිත රැසක් බේරා ගැනීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

advertistmentadvertistment
advertistmentadvertistment