අරගලයන්ට පහරදීම: ජොනී නොගන්නේ ඇයි පරීක්‍ෂණ ප්‍රමාදයි : දෙබිඩියි!

429

ප්‍රකාශයක් ගෙන මුදා හැරීම පුදුමයි!

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් සී.අයි.ඩී ඩීඅයිජී ට ලිපියක්

පසුගිය 9 වැනිදා ගාලු මුවදොර හා කොල්ලුපිටියේදී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු මත පදනම්ව එකී ප්‍රහාරවලට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට

ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබියදීත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කර ගෙන ඔහු මුදාහැරීම සම්බන්ධයෙන් තම සංගමය පුදුමයට පත් වී ඇතැයි කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබේ. 04- පිටුවට

එකී ප්‍රහාරවලින් පසුව රට තුළ සිදු වූ විවිධ පහරදීම්, මනුෂ්‍ය ඝාතන, දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඉතා උfiා්ගයෙන් කටයුතු කර 1500කට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතත් විශේෂඥ අංශයක් වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගාලු මුවදොර ප්‍රහාරකයන්ට එරෙහිව ගොළුබෙලි ගමනින් පරීක්‍ෂණ සිදුකිරීම හා නීතිය විෂමාකාරයෙන් බලාත්මක කිරීම මෙන්ම ගාලු මුවදොර ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට දක්වන ප්‍රමාදය හා දෙබිඩි පිළිවෙත පිළිබඳ බලවත් කුකුසක් ඇතිවන්නේ යැයි ද එම සංගමය එමගින් පෙන්වා දී තිබේ.

මැයි 9 වැනිදා උදෑසන අරලියගහ මැඳුරට පැමිණ සිටි පිරිස ප්‍රකෝප වන අයුරින් ආමන්ත්‍රණය කළ ප්‍රධානතම පුද්ගලයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවට තහවුරු වන වීඩියෝ සාක්‍ෂි තිබියදීත් දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔහුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් සිය සංගමයේ බලවත් අප්‍රසාදය පළකරනා බවත් ඒ පිළිබඳව නෛතික පැහැදිලි කිරීමක් අපේක්‍ෂා කරනා බවත් එම සංගමයේ සභාපති නීතිඥ ලක්‍ෂ්මන් පෙරේරා, ලේකම් සරත් ඒකනායක හා කැඳවුම්කරු නීතිඥ ටෙනී ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අත්සනින් යොමු කළ එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එකී දෙබිඩි පිළිවෙත මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වන නීතිය ඉදිරියේ සමානාත්මතාවය හා නීතියේ ආරක්‍ෂාව සමානව ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය වන්නා සේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වසනීයත්වය පළුදුවීම මහජනතාව තුළ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීමටත් සමාජ දේශපාලනික සබැඳියාව තුලනය නොවීමටත් හේතුවක් වී ඇතැයි එම සංගමය සිය ලිපිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment