කොවිඞ් මාරයා රාගම රෝහල ගිලී

832

රාගම ශික්ෂණ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට, ඇඳන් සහ අනෙකුත් පොදු පහසුකම් නොමැතිව දැඩි පීඩාවට පත්ව ඇත. ශ්වසන අපහසුතාවයෙන් පෙළෙන රෝගීන්ට ඔක්සිජන් පවා ලබා දෙන්නේ පොළොව මත බිම දිගාකොට බව රෝගීන් චෝදනා කරති.

කොවිඞ් මාරයා  රාගම රෝහල ගිලී


බොහෝ රෝගීන්ට වාට්ටුවල තැනින් තැන බිම නිදා ගනිමින් මහත් අපහසුතාවකින් ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත. මියගිය පුද්ගලයකුගේ සිරුරක්ද 26 වැනි වාට්ටුව මැද බිම තබා තිබූ අන්දම ඔවුන් පෙන්වා දෙති.

කොවිඞ් මාරයා  රාගම රෝහල ගිලී

මේ පිළිබඳව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා සිටියේ, කොවිඩි 19 වසංගත 4 වෙනි රැුල්ලත් සමග රාගම ශික්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇඳන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගීන් එම වාට්ටුවලට ප‍්‍රතිකාර ගැනීම සඳහා දෛනිකව ඇතුල්වන බවයි. උද්ගතව ඇති බැ?රුම් තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට ඇඳන් 236 කින් සමන්විත වාට්ටු 10 ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවද සඳහන් කළ අධ්‍යක්ෂවරයා ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන කඳාන ප‍්‍රාදේශීය රෝහලේ ඇඳන් 114 සමග වාට්ටු තුනක්ද, සී¥වේ ඇඳන් 600 කින් යුත් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බවයි.

මේ වනවිට රාගම, කඳාන සහ සී¥ව කොරෝනා මධ්‍යස්ථානවල රෝගීන් 1020 ක් ප‍්‍රතිකාර ලබමින් සිටින අතර රාගම ශික්ෂණ රෝහලේ ඇඳන්වලට වඩා රෝගීන් ප‍්‍රමාණයක් සිටිම හේතුවෙන් සමහර රෝගීන්ට ඔක්සිජන් පවා ලබාදීමට සිදුව ඇත්තේ බිම දිගා කොටය. කොවිඞ් ආසාදිතයන් සඳහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් 28 කින් යුත් තවත් වාට්ටුවක් ආරම්භ කිරීමට නියමිත බවද අධ්‍යක්ෂවරයා පවසයි.

තම කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් ඇතුළු සියලූ සේවක සේවිකාවන් දැඩි කැපවීමකින් සේවයේ නියුතුව සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා දැනට කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ හෙදියන් 10 දෙනකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය. රාගම ශික්ෂණ රෝහලේ ශාල්‍යකර්ම, හෘද රෝගීන් හා වකුගඩු රෝගීන් සඳහා ප‍්‍රතිකාර, මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශ්‍ය සේවාවන්ද කරගෙන යන අතරතුර කොරෝනා ආසාදිතයන්ටද ප‍්‍රතිකාර ලබාදෙන බව අමතක නොකළ යුතු කරුණක් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment