ජෙරොම්ගේ නඩුවට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්

346

බොදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රසිද්ධ දේශනාවකදී ප්‍රකාශ කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති සහන කිසිවක් ලබා නොදෙන ලෙසත් ඔහුගේ පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස මැදිහත් වී තමන් වහන්සේ වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ (01 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කළහ.

පෙර කී දේවගැතිවරයා කර ඇත්තේ නතාෂා එදිරිසූරිය නමැත්තිය කළ ප්‍රකාශයටත් වඩා ඉතා බරපතළ ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය හිතාමතාම නොකළ බවට ඔහු ඉදිරිපත් කළ පෙත්සම මගින් කරුණු දක්වා ඇතත් එය බොදු දහමට නිගරු කිරීමේ අරමුණින් සැලසුම් සහගතව කළ ප්‍රකාශයක් බව සනාථ කිරීමට තමන් වහන්සේට සාක්‍ෂි ඇති බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ. ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 5 වැනිදා කැඳවීමට නියමිත බැවින් එදින තමන් වහන්සේ වෙනුවෙන් සිය නීතිඥවරයාට කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසට ද එමගින් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment