යාපනයේ පාළු නිවසක කඩු කිනිසි තොගයක්

86

යාපනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් අච්චුවේලි සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සඟවා තිබූ දේශීය වශයෙන් නිපදවන ලද අවි ආයුධ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (31 දා) සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පාළු නිවසක් සෝදිසියට ලක් කළ අවස්ථාවේදී මෙම ආයුධ කීපය හමු වී තිබේ.

එම ආයුධ අතර දේශීය වශයෙන් තනන ලද කඩු 2 ක්, කිරිච්චියක්, කෙටේරියක්, වෙනත් ආයුධ හතරක් තිබූ බව අච්චුවේලි පොලිසිය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ආයුධ අච්චුවේලි පොලිසිය වෙත භාරදී ඇති අතර යාපනයේ සිදු වූ අපරාධ හා සසඳා බලා එම ආයුධවල අයිතිකරුවන් සොයා ගැනීමට අච්චුවේලි පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment