වෛද්‍යවරුන් 60න්ම යවන්න කියූ විරෝධතාව ප්‍රතික්‍ෂේප වෙයි

298

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටිමින් නීතිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය අභියාචනාධිකරණය විසින් ඊයේ (01 දා) ප්‍රතික්‍ෂේප කරන ලදි.

එම අතුරු තහනම් නියෝගය ලබන 6 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනු කර තිබූ එම පෙත්සම සම්බන්ධයෙන් විවාදය එදින ආරම්භ කිරීමට ද දින නියම කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment