තිලිණි ප්‍රියමාලි කඩවත අයකුටත් අගරු චෙක් දීලා

577

මහ පරිමාණයෙන් මුදල් වංචාවකට චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි කඩවත නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්‍ෂ පහක අගරු චෙක්පතක් ලබාදීම පිළිබඳව රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ ආයතනයට වරින් වර පැමිණි තිලිණි ප්‍රියමාලි විවිධ විදුලි උපකරණ වෙළෙඳ ආයතනයෙන් මිලට ගෙන මුදල් ගෙවා ඇත.

දිනක් ඇය මෙම ස්ථානයට පැමිණ රුපියල් ලක්‍ෂ පහක් පමණ වටිනා දුරකථනයක් මිලට ගෙන මෙම අගරු චෙක්පත දී තිබේ.

මේ බව වෙළෙඳ සල් හිමියා රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment