ඉල්ලීම් 6ක් දිනා ගන්න රෝහල් ඉදිරිපිට අද සෞඛ්‍ය සේවක විරෝධතා

72

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයිනේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිටදී සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඒකාබද්ධ කර ගනිමින් අද (22 දා) මධ්‍යහ්න 12.00 සිට 1.00 දක්වා ඒකාබද්ධ විරෝධතාවක නිරතවීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල, වෘත්තීය සමිති, සිවිල් ආගමික සහ වෙළෙඳ සංවිධානද මෙම විරෝධතාවට සහාය ලබාදෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය, බාල ඖෂධ ගෙන්වීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප් වැඩි නොකිරීම, රට හැර යන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පියවීමට කටයුතු නොකිරීම, ප්‍රතිජීවක ඖෂධ සහ අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් මානසික රෝගී දරුවන් සඳහා ලබාදෙන ඖෂධ සැපයීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විරෝධය පෑමට මෙය පවත්වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment