වනජීවී නිලධාරියාට පහරදීම: මේජර් ජෙනරාල්ට ඇප

311

මිහින්තලේ – රංග චතු, කැකිරාව – සුදත් ඒකනායක
 
 

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරිවල නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර එක් වනජීවී නිලධාරියකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විසිඑක් වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් සමන් කාරියවසම් වැරණියගොඩ මහතා ඊයේ (1 දා* නියෝග කළේය.
 
 මහෙස්ත‍්‍රාත්වරයා මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළව දැනට සිදු කර ඇති මූලික විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
 
 2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර මේජර් ජෙනරාල්වරයාට මහෙස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
 
 සැකකරු ඊයේ (1 දා* උදෑසන හබරණ පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ බව කියා සිටි හබරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව ද අධිකරණයට දැන්වීය.
 
 සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ වනජීවී නිලධාරීන්ට පහරදුන් බවට සැකකාර මේජර් ජෙනරාල්වරයාට එරෙහිව නඟා ඇති චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය. සැකකරු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කීර්තිමත් විනය ගරුක මේජර් ජෙනරාල්වරයකු බව ද අධිකරණයට සඳහන් කළේය. නීතිඥයෝ මෙරට පැවති තිස් වසරක යුද්ධය අවසන් කිරීමට ඔහු සකී‍්‍රය දායකත්වයක් ලබාදුන් අභීත රණවිරුවකු බව ද කීහ.
 
 එම නිසා සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ද නීතිඥයෝ අධිකරණයෙන් ඇය ද සිටියහ.
 
 සැකකාර මේජර් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ කිත්සිරි අඹගහවත්ත මහතා සමග නීතිඥවරුන් වන විජිත වික‍්‍රමනායක සහ උපුල් විජේකෝන් යන මහත්වරු පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් හබරණ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන්. පී. එස්. ජයලත් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පෙනී සිටියහ.

හනුවර සහ බලගොල්ල පොලිස් ස්ථාන විමර්ශන පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment