ජාත්‍යන්තර ක‍්‍රීඩා සිතියමේ නොමැකෙන සටහනක් – ජනපතිගෙන් සුබ පැතුම්

530

තම මව්බිමේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයාට සුබපතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

 2020 ටෝකියෝ පැරාලිම්පික් උළලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් රන් පදක්කමක් දිනා ගැනීම ශ‍්‍රී ලංකාවේ පැරාලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසය තුළ ලද පළමු රන් පදක්කම බවත් මව්බිම වෙනුවෙන් හමුදා සෙබළකු ලෙස සටන් වැද එහි ජයග‍්‍රහණයට දායකවූවාසේ ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙලකදී ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනා ගැනීම තුළින් දිනේෂ් ජාත්‍යන්තර ක‍්‍රීඩා සිතියමෙහි නොමැකෙන සටහනක් තැබීම ගැනද තමා සුබපතන බව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment