එල්පීඑල් තරග අටක් හෙට සිට නුවරට

226

කොළඹදී පැරදුණු කැන්ඩි ගමේ වාසිය සොයයි

මෙවර එල්පීඑල් තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග හෙට (04 වැනිදා ) ආරම්භ වේ.

එම පළමු තරගය කැන්ඩි බී ලව් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර හෙට ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතය.

හෙට දෙවෙනි තරගය ලෙස ගෝල් ටයිටෑන්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප.ව.7.00 ට තරග වදිනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය 30 වෙනිදා ආරම්භ වූ එල්පීඑල් 2023 අදියරයේ පළමු තරග 5 අවසානයේ ගාල්ල ටයිටෑන්ස් කණ්ඩායම පෙරමුණට පත්වීමට සමත් වූයේය.

ඔවුන් එහිදී තමන් මුහුණ දුන් තරග දෙකම ජය ගත් එකම කණ්ඩායම බවට පත් වූ අතර දඹුල්ල අවුරා සහ කැන්ඩි බී ලව් කණ්ඩායමට එරෙහිව ඔවුන් එම ජයග්‍රහණයන් වාර්තා කර ගෙන තිබේ.

කැන්ඩි බී ලව් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග දෙකම පරාජයට පත් වූ අතර අනෙක් කණ්ඩායම් 3 එක තරගයක් පරාජයට පත් වී එක තරගයක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටී.

තරගාවලියේ හෙට ආරම්භවන තරග දෙකද ඇතුළත්ව තරග 8 ක් පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව නැවතත් කොළඹ වෙත තරගාවලිය සංක්‍රමණය වේ. යළි තරග ආරම්භ වන්නේ ලබන 11 වැනිදා ය. එතැන් පටන් තරගාවලියේ අවසන් මහා තරගය දක්වාම කොළඹදී පැවැත්වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment