ශිල්ප උගත් බණ්ඩාරනායකයෙන් නව ගුවන් හමුදාපතිට හරසර….

3434

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ 19 වෙනි ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්‍ෂ මහතාට හරසර දැක්වීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය පරිශ්‍රයේදී ඉකුත් දා පැවැත්විණි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය නායක මණ්ඩලය සහ සිසු දරුවන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙදින විද්‍යාලීය නර්තන කණ්ඩායම පෙරටුකොට ගෙන මහා පෙරහැරකින් ගුවන් හමුදාපතිවරයා විද්‍යාල පරිශ්‍රයට කැඳවාගෙන එන ලදී. එතුමා ආගමික වතාවත්වලට සහභාගී වූ අතර බාලදක්ෂයන්ගේ ආචාරය මධ්‍යයේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. මෙහිදී ගගන සංගමයේ සිසුන් විසින් නිර්මාණය කළ ගුවන් යානා සංදර්ශනයක් සිදු කෙරිණි. මෙම අවස්ථාවට විදුහල්පති කසුන් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිනී උදේශිකා කාරියවසම්, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මිලාන් ප්‍රභාත්, ගුවන් හමුදාපතිවරයාගේ මෑණියන් වන ප්‍රේමවතී රාජපක්‍ෂ, බිරිඳ ඉනෝකා රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ උසස් නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.
ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment