ඉන්දියාවේ කිෂෝර් කුමාර් ජාතික මලල ක්‍රීඩා ශූරතා වාර්තාවක් පිහිටුවයි

194

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) ආරම්භ වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ කිෂෝර් කුමාර් ජෙනා සමත් වූයේය.

මීටර් 84.38ක් වාර්තා කරමින් කුමාර් එම තරග වාර්තාව පිහිටුවූයේය.

එම තරගයේ දෙවැනි ස්ථානය මීටර් 77.36 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දීය ක්‍රීඩක ශිවපාල් සිංගේද, තෙවැනි ස්ථානය මීටර් 73.40 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ රණසිංහ දිනා ගත්හ.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙවර ශූරතාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 750කට අධික සංඛ්‍යාවක් එක් වන අතර, ඊට අමතරව ඉන්දියාවෙන් සහ මාලදිවයිනේ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටිති.

කාන්තා මීටර් 10,000 අවසන් තරගයෙන් ඊයේ පෙරවරු 7.30ට ශූරතාවලිය ආරම්භ වූ අතර එහි පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩිකා සීමා විසින් දිනා ගනු ලැබීය.

පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට ගුවන් හමුදාවේ එම්. එච්. අයි. සඳරුවන් සමත් වූයේය. යගුලිය (කාන්තා) ඉසව්වේ ජයග්‍රහණය ඕ. ටී. චන්ද්‍රසේකර දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment