දුනුමඩලාව මවුන්ටන් පාපැදි තරගාවලිය අද

128

මහනුවර මහ නගර සභාව, ත්‍රිත්ව විදුහල් පා පැදි සංගමය හා මහනුවර පාපැදි සාමාජය එක්ව සංවිධානය කරන මවුන්ටන් පා පැදි තරගය අද (29 වැනිදා) පැවැත්වේ.

අවුරුදු 13 න් පහළ 16 න් පහළ 18 න් පහළ 20 න් පහළ වයස් කාණ්ඩ යටතේ සහ විවෘත (පිරිමි සහ කාන්තා) තරග මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන බව මහනුවර පාපැදි සමාජය වෙනුවෙන් එහි සභාපති ධම්මික බඹරදෙණිය මහතා අනාවරණය කළේය.

මීට අමතරව අවුරුදු 50 න් ඉහළ වැඩිහිටි ඉසව්වක් ද ඇතුළත් කර තිබේ.

ඓතිහාසික මහනුවර දුනුමඩලාව රක්ෂිතය තුළ විශේෂයෙන්ම සැකසූ ධාවන පථයක් ආශ්‍රිතව මෙවර තරගය පැවැත්වේ. සහභාගී වන සියලුම තරග කරුවන් සඳහා සහතික පත්‍රයක් සමගින් සමරු තිළිණයක් හා 01. 02 සහ 03 ස්ථාන සඳහා කුසලාන සමග මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment