මම දෙවැන්නා – ජනපතිගෙන් අංගචලන පිළිතුරක්

3580

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වද්දී ජනාධිපතිවරයා අංගචලනයෙන් පිළිතුරු දුන් අයුරුයි මේ.

විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් සිටියදී අනුප්‍රාප්තික පළමු ජනාධිපතිවරයා ඔබතුමා යැයි ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපතිවරයා විසින් සිය අතේ ඇඟිලි දෙකක් පෙන්වා තමා දෙවැනියා ලෙස අංගචලනයෙන් පෙන්වීය. පසුව තමාගේ කතාව නිවැරදි කර ගැනීමට වීරවංශ මහතා ද කටයුතු කළේය. මෙහිදී ජාතික නිදහස් පෙරමුණ විසින් රටේ ඒකීයභාවය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනාවලියක් ද ජනාධිපතිවරයාට භාරදෙන ලදී. මෙරට පළමුවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයෑමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ ඩී. බී. විජේතුංග මහතාය.

advertistmentadvertistment
advertistmentadvertistment