ශිෂ්‍යයා පැහැරගෙන දේපළ ලියාගන්න ගිය තිදෙනා කූඩු

108

පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරණ 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමග පැහැරගෙන ඉඩමක්ද බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකු පෙරේදා (5 දා) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් පැහැරගත් මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

පැහැර ගැනීමට ලක්වූ සිසුවා පසුගිය 4 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෝටර් රථයෙන් සිය පියාව ඇරලවා නිවසට පැමිණ තිබේ. පසුව ඔහු අවශ්‍යතාවකට කළුබෝවිල නිවසින් පිටවී යමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබූ බව පොලිසිය කියයි.
පින්සිරි ආරියරත්න – රත්මලාන, ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment