නිවිතිගල කුඩු කොස්තාපල් කූඩුවේ

75


නිවිතිගල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු හෙරොයින් මත්කුඩු සමග ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 42, කරඹ ගොල්ලෑවල පේමඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

අනුරාධපුර නගරයේ මාකට් පෙදෙසේදී අත්අඩංගුවට ගත් ගත් මෙම පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 405ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment