වඩුක්කෝඩෙයි කෝවිලේ දී පූජකවරුන්ගේ ‘හලෝ’ පහක් උස්සලා

116

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සඳහා පිටස්තර පළාත්වලින් පැමිණි පූජකවරුන් තුන්දෙනකුට අයත් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ජංගම දුරකතන පහක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (11 දා) සොරකම් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් පූජකවරු යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලිකොට තිබේ.

එම පූජකවරුන් පොලිසියට පවසා ඇත්තේ කෝවිලේ පුරා රාත්‍රියක් මුළුල්ලේ පැවති පූජාවකට සහභාගී වී විවේක ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ දුරකතන පහම අතුරුදන් වී ඇති බවයි.

පූජකවරුන්ට නින්ද ගිය අවස්ථාවක කිසියම් අයෙකු මෙම දුරකතන හොරකම් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment