ශ්‍රීමත් ඩී. බී. ජයතිලක 156 වන ජන්ම සංවත්සරය අද

154

අප මාතෘ භූමියට අප්‍රමාණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික ජනනායකයකු වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන්ගේ 156 වන ජන්ම දින සංවත්සරය අද (13 දා) ට යෙදී තිබේ.

මෙම ජන්ම දින සමරුවට සමගාමීව ඩී. බී. ජයතිලක පිළිරුවක් කැලණියේදී නිරාවරණය කිරීම සිදුකෙරේ.

බුදුදහම පිළිබඳව ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් හා ප්‍රතිපදාවෙන් යුතුව බුද්ධ ධර්මයටත්, ශාසනයටත් උදාර මෙහෙවරක් කළ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන් අප රටේ නිදහස් අරගලයට අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළේය. මේ රටේ අධ්‍යාපනයට ද සාහිත්‍යයට ද අග්‍රගණ්‍ය සේවයක් කොට ව්‍යවස්ථාදායකයේ යශෝප්‍රභාවය විහිදුවාලූ එතුමන් 1890 දී මහනුවර ධර්මරාජ විද්‍යාලය ඇරඹීය. එපමණක් නොව මේ රටේ අගමැති පදවියට පත්නොවී එම පදවිය පෙනි පෙනී 1944 මැයි 31 වැනිදා බැංගලෝර්හිදී එතුමන් දැයෙන් සමුගත්තේය.

1868 පෙබරවාරි 13 වැනිදා කැලණිය වරාගොඩදී එතුමා ජන්මලාභය ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment