ෆේස්බුක් ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ අයකු සීඅයිඩී කැඳවීම ගැන සිරිල් ගාමිණි පියතුමා කනස්සල්ල පළ කරයි

185

මුහුණු පොතේ පළවී ඇති පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර එක්කළ පුද්ගලයකු පෙරේදා (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

‘අපි පෙබරවාරි 4 නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද? භාෂණයේ නිදහස අන්තර්ජාතික මූලික මිනිස් අයිතිවාසිකමක්. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. අදහස් ප‍්‍රකාශ කළාම පොලිසියට සීඅයිඞීයට ගෙන්වනවා නම් අදහස් ප‍්‍රකාශ කරන්න ජනතාව මැලිවෙනවා.

අපේ අයිතිවාසිකම්වලට ගරුකරන්න ඕන. අපි භාෂණයේ නිදහස පාවිච්චි කරන්නේ කාගෙවත් නම කැතවෙන්න නොවෙයි. ඒ වගේ අවස්ථාවලදී අහිංසක මිනිස්සු රස්තියාදු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට ඔබින්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න. පොලිසියට සීඅයිඞී එකට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කතෝලික ක‍්‍රියාකාරිකයකු වන පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි කුමාර ජෝෂන් නමැති පුද්ගලයකු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පියතුමා වැඩිදුරටත් පැවසීය.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment