දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමට තරගාවලි ජය

167

මුල් කඩුලු 4 ලකුණු 7ක් තුළ බිඳ වැටුණු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දුවාර 43ක් ඇතුළත ක්‍රීඩාගාරයට ආපසු පියවර තැබීමේ ප්‍රතිඵලය මත දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම සමග ඊයේ (08 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට කඩුලු පහක පරාජයක් උරුම විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ජය ද ඒ අනුව දකුණු අප්‍රිකාවට හිමිවිය.

පළමු තරගය දකුණු අප්‍රිකාව ජය ගත් අතර දෙවැනි තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

දුර්වල පිති හරඹයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 172 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ පන්දුවාර 35යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිහරඹයෙන් දස්කම් දැක්වූ සහන් ආරච්චිගේ ලකුණු 63 ක් ලබාගත් අතර අශේන් බණ්ඩාර ලකුණු 36 ක් ලැබීය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුහු දෙදෙනා ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩ නැඟූහ.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රිස්ටන් ස්ටබ් ලකුණු 58 ක් ලබාගත් අතර ඩිල්ශාන් මධුසංඛ ලකුණු 34 කට කඩුලු තුනක්ද දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක්ද දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment