මෛත‍්‍රීලා සමග එක්වන්න සජබ දහවරක්වත් සිතා බැලිය යුතුයි

211

රංජිත් මද්දුමබණ්ඩාර

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබුණොත් ඊට පෙර එක්වරක්, දෙවරක් නොව දහ වරක්වත් සිතා බැලිය යුතු වන බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අනුරාධපුර නැගෙනහිර සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැුස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව අනුරාධපුර නගරයේ මහා රැුළියක් පැවැත්වීමට යන බව දැන ගැනීමට තිබෙනවා. ඒ නිසා රැුළියක් නොවෙයි හැකි නම් මැතිවරණයක් පවත්වන ලෙසට අපි ආණ්ඩුවට අභියෝග කරනව. ගොවි ජනතාවයි පාරිභෝගික ජනතාවයි මැතිවරණයක් එනතුරු ආණ්ඩුවට උත්තර දෙන්න බලා සිටිනවා.

පළාත් සභා විසුරුවා හැර මේ වනවිට අවුරුදු තුනක් පමණ වෙනව. මේ අතරේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දැමුවා. ආණ්ඩුව ඇයි මේ තරම් මැතිවරණවලට බය. ඒ නිසා අපි ආණ්ඩුවට කියනව මැතිවරණයක් තියා කරුණාකර ජනමතය විමසන්න කියල.

මේ වනවිට ආණ්ඩුව ගෙවන විදේශ ණයවලින් සියයට අසූවක් පමණ තියෙන්නේ 2005 සිට 2015 දක්වා එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් ලබාගත් ණය. යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් ණය තිබෙන්නේ සියයට අටක් පමණයි.

ආණ්ඩුව අද විදේශ ණය අරගෙන ඒවා අයුතු ආකාරයට පාවිච්චි කර ජනතාව ඉදිරියේ බොරු කියමින් අපට චෝදනා කරනවා. එනිසා එසේ නොකර තමන් ගත් විදේශ ණය කොපමණද කියා ජනතාවට පැහැදිලි කරන ලෙසට අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

2019 වසරේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාවේ වාසිය ගත්තෙ අපි නොවෙයි. එම සිද්ධියේදී කතෝලික ජනතාව ජීවිත පූජා කළා. මුස්ලිම් ජනතාව චූදිතයෝ වුණා. පසුගිය මැතිවරණවලදී අපේ පක්‍ෂයට ඡුන්ද නැති වුණා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කළා. ඒ වගේම දෙයක් නැවත කිරීමට යනවද දන්නෙ නෑ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment