අඹන් ගඟේ අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර දින තුනකට පසු හමුවෙයි

90

ඇලහැර අඹන් ගඟේ පාවෙමින් තිබුණ මළසිරුරක් ජයසිරිපුර ගඟේයාය ගම්වැසියන් විසින් සොයාගෙන ඇත.මෙම පුද්ගලයා රත්නපුර කැටන්දොර වත්ත ගම්මානයේ පදිංචි එස්. චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමති 24 හැවිරිදි දෙදරු පියකු බව බකමුණ පොලිසිය කියයි.

ඉකුත් 22 දින හිතමිතුරන් 13 ක් සමග කොළඹ සිට ඇලහැර අත්තනකඩවල ගම්මානයේ මිතුරකු හමුවෙන්න පැමිණ ඇති බවත් එදින තවත් මිතුරන් තිදෙනකු සමග ජයසිරිපුර ගම්මානය අසල අති අඹන් ගඟට පැමිණ අඹන්ගඟ අසල නවාතැන් ගෙන ආහාර ගෙන විනෝද වෙමින් සිටි බව මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත. විනෝදවන අතරතුර මියගිය චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමැති අය දිය නෑමට ගඟට බැස අවස්ථාවේ අතුරුදන්ව තිබුණි.

දින තුනක් පමණ අතුරුදන්වූ චන්ද්‍රම් ශාන්ත කුමාර් ඊයේ උදේ ජයසිරිපුර ගම්මානයේ ගම්වැසියන් සහ බකමූණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිරුර ගොඩ ගන්නා ලදී.

මෙම මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලේ මහතුන්ගේ උපදෙස් පරිදි බකමූණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර පොලිස් සැරයන් 35670 රත්නායක පොලිස් කොස්තාපල් 12421 තෙන්නකෝන් යන මහතුන් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර පොලොන්නරුව රොහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන යෑමට නියමිතය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment