නුවන් තුෂාර සහ රුමේෂ් රත්නායක ශී‍්‍ර ලංකා සංචිතය හා එක්වෙති

327

කොරෝනා ආසාදනය වී සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක සහ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් තුෂාර ශී‍්‍ර ලංකා සංචිතය සමග එක් වී තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (07 වැනිදා ) මේ බව කියා සිටියේය.

 ඔස්ටේ‍්‍රලියාව සමගින් පැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම මේ වනවිට ඔස්ටේ‍්‍රලියාවට ගොස් සිටින අතර නුවන් තුෂාර සහ රුමේෂ් රත්නායක එම සංචිතය සඳහා එක්වීමට පසුගිය 05 වැනිදා මෙරටින් පිටත්ව ගිය බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

 ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තාරගාවලිය ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

 මේ අතර කොරෝනා ආසානය වී සිටි තුන් ඉරියව් කී‍්‍රඩක චාමික කරුණාරත්නද අද (08 වැනිදා) දිනයේදී ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment