සෞඛ්‍ය අංශයේ  5000කට කොවිඞ්

157

– සේවයේ යෙදෙන අයට වහාම ආරක්‍ෂිත උපකරණ ලබාදෙන්න

– රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය


රට පුරා රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට ආසන්න පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවැසීය.

ඒ අතරින් හෙද නිලධාරීන් 1000 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.

එසේම කොළඹ ජාතික රෝහලේ පමණක් හෙද නිලධාරීන් 170 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ සමන් රත්නපි‍්‍රය මහතා මෙසේද කීය.

‘‘රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට විතර කොවිඞ්. බොහෝ දෙනා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නැතිවයි සේවය කරන්නේ. ඒ පහසුකමක් වත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් දැන් කි‍්‍රයා කරන්නේ නැහැ. තව ගැබිනි මවුවරුන් සේවයට කැඳවලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව ගැන සෞඛ්‍ය බලධාරීන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්.’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment