නොමිලේ ඇන්ටිජන් කරන මධ්‍යස්ථානයක් කොළඹ ඇරැඹෙයි

533

කොරෝනා ආසාදිතයන් හඳුනා ගනු ලබන රැුපිඞ් ඇන්ටිජන් මධ්‍යස්ථානයක් ඊයේ (15 වැනිදා) සිට කොළඹ කැම්බල් පිටියේදී ආරම්භ කිරීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබේ.

මෙම මධ්‍යස්ථානය ඉරිදා දිනවල හැර සතියේ අනෙකුත් දින හයේම පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව පවතින බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛi නිලධාරී රුවන් විජයමුණි මහතා ස`දහන් කරයි.

කොළඹ නගරයේ කිසියම් පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකයක් පවතී නම් හෝ ආසාදිතයකුගේ ආශි‍්‍රතයකු වූවේ නම් මෙම ස්ථානයට පැමිණ ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදු කරගෙන ආසාදිත ද නැද්ද යන්න තහවුරු කර ගැනීමට අවස්ථාව ඇත.

සිදු කරන පරීක්‍ෂණ ස`දහා කිසිදු මුදලක් අය නොකරන අතර රැුකියා ස`දහා කොළඹ නගරයට පැමිණෙන පුද්ගලයන්ට සහ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අයට ද මෙහිදී ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකර ගැනීමට හැකියාව තිබේ.

එක් ස්ථානයක පරීක්‍ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට පියවර ගත් ප‍්‍රථම අවස්ථාව ද මෙය වේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment