මේ සතියේ කොළඹම ඉන්න : ආණ්ඩුවේ මැති ඇමැතීන්ට දන්වයි

110

මේ සතිය ඇතුළත කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ දැන්වීම මත මෙය සිදුකරන බැවින් විදෙස් සංචාර යොදාගත් මැති ඇමැතිවරුන් එම සංචාර අවලංගු කර ඇතැයිද දැනගන්නට තිබේ.

ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26 දා) දිවයිනට පැමිණි පසු 28 වැනිදා පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂයේ විශේෂ රැස්වීමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලවත් අවශ්‍යතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සෙනසුරාදා (01දා) පාර්ලිමේන්තුවේදී කැඳවීමට නියමිතය. මේ අතර රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස 30 වැනිදා ප්‍රකාශයට පත්කර තිබෙන අතර එය සැලකිල්ලට ගැනීමේදී රටේ සියලු බැංකු දින 05 ක කාලයක් වසා තබනු ඇත. ජුලි 03 වැනිදා (සඳුදා) පෝය දිනය යෙදී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment