ත්‍රිපෝෂ ලබාදීම වසරක් තිස්සේ නතර වෙලා- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සංගමයේ සභාපති

122

මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට රජය මගින් ලබාදෙන ත්‍රිපෝෂ වැඩපිළිවෙළ වසරක පමණ කාලයක සිට නතර වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා දැනුවත් කර ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඇය කියා සිටියාය. දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙසේද කියා සිටියාය.

“ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, මාස 6 ට වැඩි අවුරුදු 3 ට අඩු සියලුම දරුවන්ට ත්‍රිපෝෂ ලබාදුන්නා. දැන් වසරක ඉඳලා මාස හයේ සිට අවුරුදු 3 දක්වා දරුවන්ට ත්‍රිපෝෂ දෙන්නේ නැහැ. කොරෝනා වසංගත කාලයේදීත් දරුවන්ට ත්‍රිපෝෂ දුන්නා. ත්‍රිපෝෂ දෙන්නේ නැත්තේ ඇයි කියලා මවුවරුන් අපෙන් අහනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment