මධ්‍යම පරිසර අධිකාරී සභාපති ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

541


රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකරනු ලැබීය.

නෞකාවලින් ඉවත් කරන දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා පරිසර ආරක්ෂක බලපත්‍රයක් ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් රුපියල් කෝටියක මුදලක අල්ලසක් ඉල්ලූ බව පවසමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

ඔහු එමගින් සඳහන් කර තිබුණේ පසුගිය වසරේ තම බලපත්‍රය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ගිය අවස්ථාවේදී ද එහි සභාපතිවරයා විසින් රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලූ අතර එම මුදල ලබාදීමට අපහසු බැවින් එය රුපියල් ලක්ෂ 70ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment