දයාසිරිගෙනුත් සන්ධානයක් ජනාධිපතිවරණයටත් ලෑස්තියි

504

එළිදැක්වීම 20 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් ‘මානුෂීය ජනතා සන්ධානය’ එළිදැක්වීම ලබන 20 දා සවස 2.00ට කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.

ලියාපදිංචි පක්‍ෂ 18ක එකමුතුවෙන් සැඳුම්ලත් මානුෂීය ජනතා සන්ධානයේ පක්‍ෂවල ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කිරීමට නියමිතය.

උතුරු නැඟෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි පක්‍ෂ නව සන්ධානය සමග ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කෙරෙන බවත් පිළිගත් සිවිල් සංවිධාන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් නව සන්ධානයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවත් සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

නව සන්ධානයේ ප්‍රතිපත්තිවලට ප්‍රධාන පක්‍ෂයක් එකඟ වුවහොත් ඔවුන්ට සන්ධානයේ සහයෝගය ලබාදෙන බවත් එසේ නොවුණ හොත් ජාතික මැතිවරණයේ දී මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවත් සන්ධානයේ මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment