අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය අද

113

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 වර්ෂය සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05ට පැවැත්වෙයි.

අයවැය දෙවනවර කියවීමේ විවාදය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එදින සිට දින 07ක් පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අයවැය විවාදය පැවැත්විණි. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23 වැනිදා) ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 08 දක්වා පැවැත්වේ.

කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන මෙම සෑම දිනකම පස්වරු 7.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනිදා පස්වරු 7. 00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාදය ආරම්භ වූ පසුගිය 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ ඉරිදා සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment