එ.ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව පෙබරවාරි

67

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව පෙබරවාරි මස 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි සම්පූර්ණ සංවිධාන කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙහෙයවනු ලබයි.

ආසියා හා පැසිපික් කලාපයේ රටවල් 42ක නියෝජිතයෝ 200කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යවරුන් 40 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ඉන් 20 දෙනෙක්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මේ වනවිට තහවුරු කර තිබේග මේ හැර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරින් පිරිසක් ද සහභාගි වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment