යාපනය සහ චෙන්නායි ගුවන් ගමන් වැඩිකරයි

184

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය සිවිල් ගුවන් සේවා ඇමති ජෝතිර් ආදිත්‍යා සින්දියා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම මස 16 වැනිදා සිට සතියකට ගුවන් ගමන් වාර හතර වරක් ක්‍රියාත්මක කරන බව ද සදහන් කරයි. දිනපතා චෙන්නායි සහ යාපනය අතර ක්‍රියාත්මක ගුවන් ගමන් හරහා වෙළෙද හා වාණිජ කටයුතු සිදුවේ. මෙම නව ගුවන් ගමන් වාර හරහා සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද සින්දියා මහතා පවසයි. ඉන්දීය සංචාරක නියෝජිතවරුන්ගේ සංගමයේ 67 වැනි සංවත්සරය ද ඉකුත්දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දෙරට අතර පවතින ශක්තිමත් වෙළෙද හා සංස්කෘතික සබදතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කරයි. ඒ සදහා දෙරට අතර සංචාරය නිදහස් වීසා පහසුකම ද මෙම මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment