මේ වසරේ මාස 5 ට දකුණේ වෙඩි තැබීම් 26 ක් – මරණ 19 ක් – 5 කට තුවාල

148

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙම වසරේ (2023) ගතවූ මාස 5 තුළදී දකුණු පළාතේ වෙඩි තැබීම් සිද්ධීන් 26 ක් වාර්තා වන බවත්, එහිදී පුද්ගලයන් 19 දෙනකු මරුමුවට පත්ව ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පෙරේදා (27 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන් වැඩිම වෙඩි තැබීමේ සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව ද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේ ද කීය

දකුණු පළාතේ මෙතෙක් වෙඩි තැබීම් 26 ක් වෙලා තියෙනවා. එහිදී පුද්ගලයන් 19 දෙනකු මියගිහින් 5 දෙනකු තුවාල ලබා තිබෙනවා. දකුණු පළාතෙන් වගේම බස්නාහිර පළාතෙනුත් වෙඩි තැබීම් වාර්තා වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අතර තිබෙන අමනාපකම් පිරිමසා ගැනීමට මෙවැනි වෙඩිතබා ගැනීම් සිදුකරගන්නවා. මේ අපරාධ සඳහා වැඩි වශයෙන් යතුරුපැදි තමයි යොදාගෙන තිබෙන්නේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment