කොළඹ රථවාහන වැරදි හොයන CCTV කැමරා වැඩ අරඹයි

377

කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කළ බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.ඒ අනුව අද සිට එළඹෙන 31 වැනිදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය.එහිදී හඳුනාගන්නා මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment