මොලපු ඔය ඇලෙන් හමුවූ රුසියානු කාන්තාවගේ මරණය ගැන විවෘත තීන්දුවක්

422

හික්කඩුව තොටගමුව පාලම අසල මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබියදී හමුවු රුසියානු ජාතික කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකොට මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

මියගිය විදේශීය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය (17දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සී.ටී. මහානාම මහතා විසින් සිදුකරණු ලැබීය. විදේශීය කාන්තාවගේ දේහය ඥාතීන්ට භාරදුන් බවද පොලිසිය පවසයි. රුසියානු ජාතික කාන්තාවගේ මරණය මිනීමැරුමක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment