කොටස් වෙළෙඳපොළ පැය 5 ක් කෙරේ

51

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු කාලසීමාව එළඹෙන අප්‍රේල් 10 වැනිදා සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අනුව එළඹෙන 10 වැනිදා සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර පස්වරු 2.30ට වසා දමනු ඇත.

මේ වන විට කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය ගනුදෙනු කාලය පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3කට සීමා වී තිබේ. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 5ක් වූ අතර 2020 වසරේ දී කොවිඩ් වසංගතයත් සමඟ පැවති වාතාවරණය හමුවේ එය විටින් විට සංශෝධනය විය.

ඒ අනුව මේ වන විට පැය 3ක්ව පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය අප්‍රේල් 10 දින සිට පැය 5ක් දක්වා දීර්ඝ වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment