රජය අයි.එම්.එෆ්. සාකච්ඡා ඉදිරියට ගෙන යනවාට අපි විරුද්ධ නෑ – ගිවිසුමට මාලිමාවෙන් සමාලෝචන

137

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළඹ ඇති ගිවිසුම ජාතික ජන බලවේග රජයක් යටතේ අනිවාර්යයෙන්ම නැවත සමාලෝචනය කෙරෙන බව එම බලවේගයේ විධායක කමිටු සාමාජික විජිත හේරත් මහතා ඊයේ (14 වැනිදා) සඳහන් කළේය.

බදු කොන්දේසි ඇතුළු ජනතාව පීඩාවට පත්කර ඇති කොන්දේසි ගණනාවක් මෙහිදී සංශෝධනය විය යුතු බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වෙත දැනුම් දුන් බවත් හෙතෙම කීවේය.

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අනෙකුත් ණයහිමියන් එකඟතාවයට පත්කර ගත් ක්‍රියාවලියකට යා යුතු බවත් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු කීවේය.

එනමුත් එය පෙන්වා ජනතාව මත පටවන බදු ඉහළ නැංවීම, විදුලි ගාස්තුව, ඩීසල් පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම, ජනතාව සතු ජාතික සම්පත් විකිණීම කිසි ලෙසකවත් නොකළ යුතුයි යැයි ද හෙතෙම කීවේය.

රජය අයි.එම්.එෆ්. සාකච්ඡා ඉදිරියට ගෙන යනවාට අපි විරුද්ධ නෑ - ගිවිසුමට මාලිමාවෙන් සමාලෝචන
විජිත හේරත් ඇතුළු පිරිස අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග පැවැති හමුව….

එසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය සිදුකරන සාකච්ඡා ඉදිරියට පවත්වා ගෙන යෑම පිළිබඳව ජාතික ජන බලවේගයේ විරුද්ධත්වයක් නොමැති බවත් විජිත හේරත් මහතා පැවසීය.

විජිත හේරත් මහතා ඊයේ (14 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment