චීවරධාරියෙකුට බරපතළ දඬුවමක්

1035

පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව මහනුවර මහාධිකරණයේ විභාග වූ නඩු කින් වරදකරු චීවරධාරියෙකු ට විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා බරපතළ වැඩ සහිත වසර 17 ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වූයේ කැලණිය ශීලදස්සි හිමි නොහොත් දේවගේ හෂාන් හේමරත්න නැමැති අයට වන අතර වසර දාසයක් නොඉක්ම වූ පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම චීවරධාරි විත්තිකරුට එල්ල වී තිබූ චෝදනාව ය.
වසර 2016 දෙසැම්බර් මස 1සහ 31 අතර කාලයේදී පන්විලතැන්න ප්‍රදේශයේ දී අදාළ විත්තිකරු විසින් ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු දාසය නොඉක්ම වූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන්න චෝදනා දෙකක් යටතේ ගොනුකර නඩු විභාගය පැවැත්වීමට කටයුතු කොට තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment